සාමාන්‍යයෙන් සුර්ය විකිරණ පොළොවට වැටි නැවත පරාවර්තනය වෙනවා...ඒ උනත් වැහි වලාකුළු තියෙන වෙලාවට මෙම කිරණ වලකුලුවල වැදීමෙන් නැවත පරාවර්තනය වෙනවා..ඒක නිසා වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවෙනවා....ඒ වගේම වැස්සක් ආසන්න උනාම වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා.මේ නිසා සිරුරෙන් පිට වන ජලවාෂ්ප වාෂ්පීකරණය අඩුවන නිසා දහඩිය දානවා...
විදු ඇස
දන්නා දේ ගැන නොදන්නා පැතිකඩ
Friday, August 22, 2014
පාන් ගෙඩියේ හිල්
ගොඩක් ජනප්‍රිය කෑමක් තමයි පාන් කියන්නේ..අපි කොච්චර පාන් කාලා තිබුනත් ඔකේ තිබුණු සිදුරු ගැන කවදාවත් හිතුවද..?
ඇත්තටම මේ හිල් කොහොමද හැදුනේ...?
පාන්පිටි පිපීම සදහා ඊස්ට් එකතු කරනවනෙ..ඊස්ට් පිටි මිශ්‍රණය තුල වැඩෙන විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනව...මේ වායුව නිසා පිටි මිශ්‍රණය තුල පොඩි සිදුරු ඇති වෙනවා..පාන් පුච්චන කොට වායුව ප්‍රසාරණය වෙනවා..එතකොට පාන් ගෙඩියේ පොඩි සිදුරු තවත් ලොකු වෙනව...
සීතල දවසට බඩගිනි වැඩිද..?
සීතල දවස් වලට කොච්චර කෑවත් බඩගිනි වෙනවා නේද..? බඩගිනි අවම මොනා හරි කන්න සිතුවත්.. සීතල දවසට බඩගිනි වෙන්නේ ඇයි කිය සිතුවාද...?
සාමාන්‍ය උෂ්ණත්වය ඇති දවසකට වඩා සීතල දවස් වලට බඩගිනි වැඩියෙන් දැනෙන්නේ ඇයි කියල දන්නවාද...?
සාමාන්‍ය උෂ්ණත්වය ඇති දවසකට වඩා සීතල දවස් වලට බඩගිනි වැඩියෙන් දැනෙන්නේ ඇයි කියල දන්නවාද...?
අවට පරිසරය සීතල වෙනකොට අපේ ශරීරයේ තියෙන තාප ප්‍රමාණය පරිසරයට එක් වෙනවා..ශරීරයේ උෂ්ණත්වය ඒකාකාරිව තිය ගැනීමට ශක්තිය ලබා ගැනීම සදහා වැඩිපුර ආහාර ගන්න වෙනව..එහෙම ආහාර ගත්තේ නැත්තම් ශරීරය තුල තියෙන ග්ලුකෝස් දහනය කර ශක්තිය ලබා ගන්නව..ඒක නිසා වහින වෙලාවට පවා වැඩිපුර බඩගිනි දැනෙනවා.
වෙරියට දෙහි යුෂ
මත්පැන් පානය කල විට මත් වේ....අධික ලෙස මත්පැන් පානය කල අයට දෙහි යුෂ ලබා දෙන බව අප දනී...දෙහියුෂ වලට කොහොමද මත් ගතිය අඩු වෙන්නේ....?
දෙහියුෂ තුල සිට්රික් අම්ලය අඩංගු වෙලා තියෙනව...මෙම සිට්රික් අම්ලයත් මත්පැන් වල ඇති ඊතයිල් මද්‍යසාරයත් ක්‍රියා කරල ඊතයිල් සිට්රේට් නමැති ඉස්තරයත් ජලයත් හදනව..
මේ නිසා මත් ගතියට හේතු වූ මධ්‍යසාරය ටිකෙන් ටික ඉවත් වෙලා යන නිසා මත්පැන් පානය කල පුද්ගලයාට සහනයක් දැනේ...
විදු ඇස
අපි ජිවත් වූ කාලය තුල අප එදිනෙදා බොහෝ දේ කලත් ඇතැම් දේ සිදු
වන්නේ ඇයිද යන්න බොහෝ විට සිතන්නේ නැත.
එසේ සිතුවද එහි විද්‍යාත්මකව සිදු වන්නේ කුමක්ද යන්න අප කෙදිනකවත් සිතන්නේ නැත.
මත්පැන් පානය කල අයෙක් කෙලින් නොයන බව දනී..එහෙත් කෙලින් යා නොහැක්කේ ඇයිද කියා ඔබ සිතුවාද?....
කටුස්සන් පාට වෙනස් කරන බව අප දනී..එහෙත් කටුස්සා පාට වෙනස් කරන්නෙ කොහොමද???......
මෙපමණක් නොව මෙවැනි බොහෝ දේ අප දන්නා නමුත් එය සිදුවන්නේ කෙසේද යන්න බොහෝ විට නොදනී.
ඉතින් මෙවෙනි සිදුවීම් හා විද්‍යාත්මකව සිදු වන්නේ කොහොමද කියල මෙම බ්ලොග් අඩවියෙන් ඔබට දැන ගන්න පුලවන්...ඉගන ගන්න නංගිලා මල්ලිලාට මෙය ගොඩක් වටිනව.
Subscribe to:
Posts (Atom)